Skip to main content

Ingress Protection හෙවත් IP අගය සහ ජල ධූලී ප්‍රතිරෝධකතාව

ජංගම දුරකථනය water proof ද? dust proof ද? IP68 ද? නැතිනම් IP65 ද?
මොකක්ද මේ IP අගයෙන් කියවෙන්නේ?
අලුතෙන් එන ගොඩක් ජංගම දුරකථන ඇතුලු විවිධාකාර වූ උපකරණයන් ජල/ධූලි ප්‍රතිරෝධී බව සඳහන් කරන්නේ IP සහ තවත් අංක දෙකක් සමගයි. නිශ්පාදකයා water proof හෝ dust proof කියූ පමණින් අදාල උපකරණය අපරික්ෂාකාරීව පරිහරණය කිරීම නුවණට හුරු නැහැ. විශාල මුදලක් වියදම් කරමින් මිල දී ගත් උපකරණය, ද්‍රව සහ ඝන ද්‍රව්‍ය හමුවේ කොතරම් ආරක්ෂිතද යන්න දැනගැනීමට නම් මේ IP අගය ගැන දැණුවත් වී සිටීම ඉතා වැදගත්.
IP නොහොත් Ingress Protection එසේත් නැතිනම් “බාහිර ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීම“ පිළිබඳ දළ මිනුමක් අන්තර්ජාතික විද්‍යුත් තාක්ෂණික කොමිසම විසින් සම්මත කරගෙන තිබෙනවා. IP සමග එන පළමු අංකයෙන් කියවෙන්නේ අදාල උපකරණය ඝන ද්‍රව්‍ය සඳහා කොතරම් ආරාක්ෂාකාරීද යන්නයි. දෙවන අංකයෙන් කියවෙන්නේ එය කොතරම් දුරට ද්‍රව සඳහා ආරක්ෂාකාරීද යන්නයි. පළමු අංකය 0 සිට 6 දක්වාද දෙවන අංකය 0 සිට 8 දක්වාද විය හැකියි. පහත දැක්වෙන්නේ පළමු අංකයට අදාල විග්‍රහයන්ය.
  • IP0_ ඝන ද්‍රව්‍ය සඳහා ආරක්ෂාවක් නොමැත
  • IP1_ මි.මී. 50 හෝ වැඩි විශ්කම්භයක් සහිත ඝන ද්‍රව්‍යයයන්ගෙන් ආරක්ෂිතයි
  • IP2_ මි.මී. 12.5 හෝ වැඩි විශ්කම්භයක් සහිත ඝන ද්‍රව්‍යයයන්ගෙන් ආරක්ෂිතයි
  • IP3_ මි.මී. 2.5 හෝ වැඩි විශ්කම්භයක් සහිත ඝන ද්‍රව්‍යයයන්ගෙන් ආරක්ෂිතයි
  • IP4_ මි.මී. 1 හෝ වැඩි විශ්කම්භයක් සහිත ඝන ද්‍රව්‍යයයන්ගෙන් ආරක්ෂිතයි
  • IP5_ අහිතකර ධූලී වලින් ආරක්ෂිතයි
  • IP6_ මුලුමනින්ම දූවිලි වලින් ආරක්ෂිතයි

පළමු අංකය තේරුම් ගැනීමට පහසුයි වගේම ධූලී සහ ඝන ද්‍රව්‍ය වලින් නිතර දෙවේලේ භාවිතා කරන උපකරණයකට හානි වීම විරළයි. වඩා වැදගත් සහ සංකීර්ණ වන්නේ දෙවන අංකයයි.
  • IP_0 ද්‍රව සඳහා ආරක්ෂාවක් නොමැත
  • IP_1 සෙ.මි. 20 ක් පමණ ඉහල සිට සිරස්ව වැටෙන ජලයෙන් විනාඩි 10 ක් යන තෙක් ආරක්ෂිතයි (සියුම් පින්නකට ඔරොත්තු දිය හැකියි)
  • IP_2 සෙ.මි. 20 ක් පමණ ඉහල සිට සිරසට අංශක 15 ක් පමණ ආනතව වැටෙන ජලයෙන් විනාඩි 10 ක් යන තෙක් ආරක්ෂිතයි ( කරාමයකින් ඇවිත් පොලාපනිමින් විසිවෙන බිඳිති වලට ඔරොත්තු දිය හැකියි)
  • IP_3 ඉහල සිට සිරස්ව අංශක 60 ක් තුල ඕනෑම කෝණයක් ආනතව අඩු පීඩනයකින් පමණ ඉසින ජලයෙන් විනාඩි 10 ක් යන තෙක් ආරක්ෂිතයි (මද වැස්සකට ඔරොත්තු දිය හැකියි)
  • IP_4 සියලුම දිශාවලින් අඩු පීඩනයකින් ඉසින ජලයෙන් විනාඩි 10 ක් යන තෙක් ආරක්ෂිතයි (වතුර බොහෝ සේ තැවරුණු අතකින් වැස්සකදී වුවද උපකරණය භාවිතට ඔරොත්තු දිය හැකියි)
  • IP_5 සියලුම දිශාවලින් ඉහළ පීඩනයෙන් ඉසින ජලයෙන් විනාඩි 3 ක් යන තෙක් ආරක්ෂිතයි ( සාමාන්‍ය ජල කරාමයකට කෙලින්ම විවෘත්ත වුවද ඔරොත්තු දිය හැකියි)
  • IP_6 සියලුම දිශාවලින් ඉතා ඉහළ පීඩනයෙන් පිරිසිදු ජලයෙන් විනාඩි 3 ක් යන තෙක් ආරක්ෂිතයි (කුඩා දිය ඇල්ලකට විවෘත්ත වුවද සුලු වෙලාවකට ඔරොත්තු දිය හැකියි)
  • IP_7 යම් ගැඹුරක සහ යම් වෙලාවක් (උදා: 15cm-1m ක් ගැඹුරෙහි 30 minක කාලයක්) ජලයේ ගිලීමෙන් ආරක්ෂිතයි (කුඩා ඇලකට වැටුනත් ඔරොත්තු දිය හැකියි)
  • IP_8 IP_7 ට වඩා අවදානම් තත්ව (නිශ්පාදකයා සඳහන් කරන පරිදි) යටතේ ජලයේ ගිලීමෙන් ආරක්ෂිතයි. (නිශ්පාදකය කියනවානම් 1.5m කියලා, පිහිනුම් තටාකයකට වැටුනත් ඔරොත්තු දිය හැකියි)

ඉහත සියල්ල පිරිසිදු ජලය සඳහා වලංගු වේ. IP_7 හෝ IP_8 තිබීමෙන් IP_5 හෝ IP_6 ඇති බවට නිගමනය කල නොහැක. සම්මතයන් කිහිපයකට අනුකූල නම් ඒ සියලු සම්මතයන් නිශ්පාදකයා විසින් සඳහන් කරයි (උදා. Xperia Z5 හි IP65/IP68 දෙකම සඳහන්ව ඇත).
තත්වය කෙසේ වෙතත්, මෙම සම්මතයන් විග්‍රහ කරද්දී අදාල උපකරණයට දරා සිටීමේ යම් උපරිම කාලයක් සහ අනෙකුත් තත්වයන් සඳහන් කරනවා. එම නිසා බැරි වීමකින් හෝ යම් අනතුරක් නිසා සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට මෙම ආරක්ෂිත පහසුකම් සලසා ඇති බව තරයේ සිහියේ තබා ගැනීම වැදගත්. රළු ක්ෂේත්‍ර, යුධ සහ කිමිදුම් වැනි විශේෂ අවශ්‍යතා වලට ඒ සඳහා සඳහා වෙනමම සාදා ඇති උපකරණ හා උපාංගයන් (accessories) භාවිතා කිරීම යෝග්‍ය වේ.

Comments

Popular posts from this blog

Sri Lanka Maps in Garmin GPS

Recently I received a Garmin GPS (nuvi 50) from my brother who is studying in China. The GPS looks fine but there are no Sri Lanka base maps installed in it. Then I tried to find a Sri Lanka road map that supports to the device. As I went through the articles I got to know that the format of the maps used in Garmin devices is a proprietary one. The map blocks are archived in to a single file which has the extension ".img" but not similar to DVD or floppy image file.

I found there are three methods to get Sri Lanka map to Garmin devices.

Download from the Garmin map resourcesDownload Sri Lanka maps from UMP (Unofficial Map Project)Download and convert maps from OpenStreetMap  (PS: I found this link of OpenStreetMap which seems to support routable maps and very easy to download maps of any country including Sri Lanka. http://garmin.openstreetmap.nl/)
The first method is bit expensive and I don't think that it is worth to buy map from Garmin because they don't give enoug…

How to Send Executable (.exe, .ocx, .dll, .com, .bat) Files in Gmail Without Changing the File Extension?

Why Gmail doesn't like exe files? If you use gmail as your email service probably you should be getting frustrated with it when you want to send files with the extensions exe, ocx, dll, com or bat. These executable stands for some files which can be executed independently within a typical operating system and there is a huge probability to contain computer viruses or malware in these types of files. Since these kind of files can be executed independently any virus that the file carried will infect our computers very easily.

Although this is not a problem in other free email services like yahoo, as Google has grabbed a big part from the services which we use for our day to day cyber needs, we can't move in to another service just because of this problem.

What happen when we are trying to upload an executable file in Gmail? When we attach an executable file first it upload the whole file and check on several criteria such as file extension (whether it contains .exe, .dll etc) a…

What minHessian, Octaves and Layers mean in SURF (Speeded-up Robust Feature)? QA

My previous article in this blog is about a discussion on measuring image similarities with BOF in a large database. It is an extracted part from a forum of an article posted in CodeProject "Bag-of-Features Descriptor on SIFT Features with OpenCV (BoF-SIFT)". This article is also an extracted part from the commenting section of the same article in the code project. As I described in my previous article, many people who used visual features do not have a proper understanding over the feature extraction and description algorithms because of these algorithms contain a lot of mathematical procedures which are difficult to understand with an average mathematical knowledge. The question which is about to discuss in this article has proved the above said fact and also the fact may cause the users to limit the usage of such features in their studies and applications.
Lets begin the discussion.

Q. I just wanted to ask why the minHessian value is 400, the number of octaves is 4, and th…