Skip to main content

මොනවද මේ HC TC BDRip TS DVDRip HDTV CAMRip ... කියන්නේ?

2016.720p.TC.x265.mkv
2012.1080p.BDRrip.x264.YIFY.avi

pirated movie releases එසේත් නැතිනම් චිත්‍රපට “හොර“ කොපි භාවිතා කරන අයට උඩ සඳහන් කරපු වචන පේළි හුරුපුරුදු ඇති. ඒවා download කරන්න කලින් එහි ගුණාත්මක භාවය පිළිබඳව යම් අදහසක් ගන්න අවශ්‍ය තොරතුරු ඉහත වචන අතර තියනවා. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ විස්තරයකි.

CAMRip/CAM : සිනමාහලේදී සාමාන්‍ය වීඩියෝ කැම්කෝඩර් එකකින් වීඩියෝ කර ඇත. ශබ්ධ පටිගත කරනුයේ කැමරාවේ ඇති මයික්‍රෆෝනයෙනි. බාහිර ශබ්ධ සහ රූප පටිගත වේ. කැමරාවේ ඇති ස්වයංක්‍රීය ආලෝක පාළන (auto exposure) විධික්‍රම වල ඇති පමාවන් නිසා සමහර රූපරාමු පැහැදිලිව නොපෙනීමට පුලුවන්.  නොගැලපෙන බාහිර උපසිරස ගොනු භාවිතා කරනවානම් නැවත සමමුහුර්ථ (sync) කිරීම අපහසුයි. එකම වාසිය නම් චිත්‍රපට නිකුත් වූ වහාම camrip එකද නිකුත් වීමයි.

TS/TELESYNC/PDVD : CAMRip වලට වඩා වෙනස් වෙන්නේ බාහිර ශබ්ධ පටිගත නොවීම පමණයි. ඊට අමතරව සමහර වෙලාවට ගුණාත්මක බවින් ඉහල කැමරාවක් ස්ථායි ලෙස අටවා පටිගත කිරීම කර ඇත.

TC/TELECINE :  telecine යන්ත්‍රයක් මගින්  පිටපත් කරයි. බාහිර රූප පටිගත නොවේ. ආසන්න වශයෙන් DVD එකක ගුණාත්මකබවින් යුක්තයි. නමුත් වර්ණවල යම් තරමක අඩුපාඩු දැකගනීමට පුලුවන්. බාහිර උපසිරස ගොනු සමමුහුර්ථ කිරීම පහසුයි.

PPV/PPVRip : Pay Per View Rip හෙවත් චිත්‍රපටය නිළවශයෙන් නිකුත් වීමට පෙර තෝරාගත් පාරිභෝගිකයන් පිරිසකට විකුණන පිටපතකි. සමහර විට දිය සළකුණු හෝ ලාංඡන දැකිය හැක. සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි.

SCR/SCREENER/DVDSCR/DVDSCREENER/BDSCR : නිළවශයෙන් නිකුත් වීමට පෙර හෝ සම්මාන සඳහා සළකා බැලීමට විචාරකයන් සඳහා ලබා දෙන පිටපතකි. දිය සළකුණු සහ අක්ෂර වීඩියෝව උඩින් එකතු කර ඇත. සමහර විට දිය සලකුණු ඉවත් කිරීමට රූපරාමුවෙන් කොටසක් පමනක් නැවත නිකුත් කරයි. බොහෝ විට සාමාන්‍ය ගුණාත්මක බවකින් යුක්තයි.

DDC : Digital Distribution Copy ගුණාත්මක බව ඉහත පිටපතට ආසන්නව සමාන වේ. DVD එකක තරමට වඩා සුලු වශයෙන් අඩු ගුණාත්මකබවින් යුක්තයි.

R5 : DVD එකක තරමට රූප රාමු ගුණාත්මක බවින් යුක්ත වේ. සමහර telecine යන්ත්‍රවල  වර්ණවල ඇති දුර්වලතා නිසා අසමතුලිත වර්ණ දැකගැනීමට හැකි වේ. ශබ්ධවල  ගුණාත්මක බව අඩුවිය හැකියි. ඉංග්‍රීසි නොවන භාෂාවකින් ශබ්ධ තිබීමේ සම්භාවිතාවක් ඇත.

DVDR/DVD-Full/Full-Rip/ISO rip/lossless rip/untouched rip/DVD-5/DVD-9 : ඉහල ගුණාත්මක බවින් යුක්තයි.

DSR/DSRip/SATRip/DTHRip/DVBRip/HDTV/PDTV/TVRip/HDTVRip/HDRip : ඩිජිටල් රූපවාහිනී මගින් විකාශය කරන චිත්‍රපට සාමාන්‍ය capture card (විඩියෝ ඩිජිටල් පිටපත් ගැනීමේ දෘඩාංගයකි) මගින් පටිගත කරයි. HD වුවත් ගුණාත්මක බව රඳා පවතින්නේ මුල් විකාශයේ ගුණාත්මක බව මතයි.

VODRip/VODR : Video on demand, නැතහොත් අන්තර් ක්‍රියාකාරි සහය දක්වන රූපවාහිනී වලින් මෘදුකාංගයක් හෝ දෘඩාංගයක් මගින් පටිගත කරන ලද පිටපත් වේ. ගුණාත්මක බව TC වර්ගයට සමානව හෝ ඊටත් වඩා හොඳ තත්වයක ඇත.

WEB-DL : ජාලගත නිකුතු වලින් බාගත හැකි පිටපත් වේ. උසස් ගුණාත්මකබවකින් යුක්ත වේ.

WEBRIP :  ගුණාත්මක බව WEB-DL තරම්ම නොමැති වෙන්න පුලුවන්. නමුත් සෑහීමකට පත්විය හැකි තරම්. කෙසේවෙතත් ගුණාත්මක බව රඳාපවතින්නේ stream source ගුණාත්මකබව මතයි.

WEB-Cap : බොහෝ වෙලාවට WEBRIP වලට වඩා ගුණාත්මකබවින් ඉහලයි. සමහර වෙලාවට ඉතා ඉහල ගුණාත්මකබවකින් යුක්ත වියහැකියි.

BDRip/BRRip : Bluray Rip. ඉතා ඉහල ගුණාත්මකබවකින් යුක්තයි.

HC : hard coded subtitle. උපසිරස වීඩියෝවටම අලලා ඇත. ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට නොහැක. නමුත් බාහිර උපසිරස ගොනුවක් ඊට ඉහලින් පෙන්වන ආකාරයට දැමිය හැකියි.

මීට අමතරව mkv හෝ avi ලෙස තිබෙන්නේ වීඩියෝ (හෝ multimedia) බහාලුම් ආකාර දෙකකි. ඒවා බහාලුම් වර්ග මිසක සැබෑ වීඩියෝ compression format වර්ග නොවන බව මතක තබා ගන්න. එම නිසා එක් mkv ගොනුවක් ධාවනය වුවත් තවත් mkv ගොනුවක් ධාවනය කිරීමට වෙනමම codec අවශ්‍ය වියහැකියි. බහාලුම් තුල විවිද formats වල වීඩියෝ, ශබ්ධ සහ mkv වල නම් විවිධ උපසිරසවල් පවා ගබඩා කර තැබිය හැකියි.

x264 හෝ x265 යනු video compression විධි දෙකකි. බැලූබැල්මට මේ දෙකේ ලොකු වෙනසක් හොයාගන්න අමාරුයි. නමුත් ඉහළ resolution සහ අඩු bitrate වලදී x265 වඩා වැඩි තීව්‍රතාවක් සහිත සවිස්තර රූපරාමු දැකිය හැකියි.

Comments

Popular posts from this blog

Sri Lanka Maps in Garmin GPS

Recently I received a Garmin GPS (nuvi 50) from my brother who is studying in China. The GPS looks fine but there are no Sri Lanka base maps installed in it. Then I tried to find a Sri Lanka road map that supports to the device. As I went through the articles I got to know that the format of the maps used in Garmin devices is a proprietary one. The map blocks are archived in to a single file which has the extension ".img" but not similar to DVD or floppy image file.

I found there are three methods to get Sri Lanka map to Garmin devices.

Download from the Garmin map resourcesDownload Sri Lanka maps from UMP (Unofficial Map Project)Download and convert maps from OpenStreetMap  (PS: I found this link of OpenStreetMap which seems to support routable maps and very easy to download maps of any country including Sri Lanka. http://garmin.openstreetmap.nl/)
The first method is bit expensive and I don't think that it is worth to buy map from Garmin because they don't give enoug…

How to Send Executable (.exe, .ocx, .dll, .com, .bat) Files in Gmail Without Changing the File Extension?

Why Gmail doesn't like exe files? If you use gmail as your email service probably you should be getting frustrated with it when you want to send files with the extensions exe, ocx, dll, com or bat. These executable stands for some files which can be executed independently within a typical operating system and there is a huge probability to contain computer viruses or malware in these types of files. Since these kind of files can be executed independently any virus that the file carried will infect our computers very easily.

Although this is not a problem in other free email services like yahoo, as Google has grabbed a big part from the services which we use for our day to day cyber needs, we can't move in to another service just because of this problem.

What happen when we are trying to upload an executable file in Gmail? When we attach an executable file first it upload the whole file and check on several criteria such as file extension (whether it contains .exe, .dll etc) a…

What minHessian, Octaves and Layers mean in SURF (Speeded-up Robust Feature)? QA

My previous article in this blog is about a discussion on measuring image similarities with BOF in a large database. It is an extracted part from a forum of an article posted in CodeProject "Bag-of-Features Descriptor on SIFT Features with OpenCV (BoF-SIFT)". This article is also an extracted part from the commenting section of the same article in the code project. As I described in my previous article, many people who used visual features do not have a proper understanding over the feature extraction and description algorithms because of these algorithms contain a lot of mathematical procedures which are difficult to understand with an average mathematical knowledge. The question which is about to discuss in this article has proved the above said fact and also the fact may cause the users to limit the usage of such features in their studies and applications.
Lets begin the discussion.

Q. I just wanted to ask why the minHessian value is 400, the number of octaves is 4, and th…