Skip to main content

ලිතියම් බැටරි (Lithium-ion,Li-polymer) වලට දුක් දීම අහිතකරයි!

ලිතියම්(Lithium ) සහිත බැටරි (උදා. Lithion-ion,Li-polymer) ආරෝපණය (charge) සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු කීපයකට පිළිතුරු සෙවීමේදී වැදගත් කරුණු කිහිපයක් හමු වුනා. ඒවා සමග තවත් බොහෝ දෙනෙක් නොදත් කරුණු කිහිපයක් බෙදාහදා ගත්තොත් හොඳයි කියලා හිතුනා.

1. ආරෝපණය කරන වෙලාවට අදාල උපාංගය (උදා. ජංගම දුරකථන, කැමරා...) ක්‍රියාවිරහිත කර තැබීමෙන් ආරෝපණ ක්‍රියාවලිය නිසි අයුරින් අවසන් වේ. (උපාංගය ක්‍රියාත්මකව ඇති විට බැටරියට අමතර භාරයක් ඇති නිසා චාජරය ව්‍යාකූල වී නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර හෝ අඩුවෙන් ආරෝපණය විය හැකියි)

2. වඩා උණුසුම් හා වඩා සිසිල් තත්ව යටතේ ආරෝපණය නොකල යුතුයි.

3. පූර්ණ වශයෙන් ආරෝපණය කිරීම අත්‍යාවශ්‍ය නොවේ. අර්ධ වශයෙන් ආරෝපණය කිරීම වඩාත් යෝග්‍ය වේ.

4. බැටරිය හෝ චාජරය වඩ වඩාත් උණුසුම් වේ නම් වහා ආරෝපණ ක්‍රියාවලිය නවත්වන්න.

5. ලිතියම් බැටරි යාන්ත්‍රික බලපෑම් වලට වඩාත් සංවේදී වේ. බිම වැටීම් හෝ හදිස්සි ඝට්ටන මගින් ක්ෂණිකව බැටරියේ ශක්තිය හීන වීමට ඉඩ ඇත.

6. ලිතියම් බැටරිවල ඇති ඉලෙක්ට්‍රොණික පරිපථයක් මගින් බැටරිය යම් ප්‍රමාණයකට විසර්ජනය වූ විට අදාල උපාංගය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමට ආධාර වන ලෙස සකස් කර ඇත. එලෙස වූ බැටරියක් දින ගණනක් නැවත ආරෝපණයෙන් තොරව තබා ඇත්නම් යම් මොහොතක එහි පරිපථය විසින් එම බැටරිය නිද්‍රා තත්වයකට පත්කරනු ලබයි. මෙවිට බොහෝවිට සාමාන්‍ය
චාජරයකින් බැටරිය නැවත පනගැන්වීමට නොහැකි වේ. එම නිසා පූර්ණ ආරෝපණයක් කරන තෙක් මද වශයෙන් හෝ බැටරියක් ආරෝපණය කර තැබීමෙන් නිද්‍රා තත්වයට පත්වීමෙන් වලකාගත හැක.

7. ඉහත 6 වූ හේතුව නිසා අලුතෙන් මිලදීගත් බැටරි වලද 40% ක පමණ ශක්තියක් ඇති බව පෙන්විය හැක. එලෙස වන්නේ බැටරිය කලින් භාවිතා කල එකක් නිසා යැයි වැරදි ලෙස වටහාගන්නට දැන් අවශ්‍ය නොවේ. වඩා සංකීර්ණ පරිපථ සහිත බැටරි සඳහා මෙම මුල් අගය වඩාත් අඩු විය හැක.

8. දැනට ඇති බොහෝ උපකරණ වල ඇති ලිතියම් බැටරි ආරෝපණය කිරීමට USB කේබලයන්ම යොදා ගනියි. සාමාන්‍යයෙන් පරිගණක වල ඇති 500mA USB port එකක් භාවිතා කරයි නම් බොහෝ නවීන උපකරණ තමන් භාවිතා කරන ධාරාව USB port එකට දැරිය හැකි ආකාරයට සකස්කරගනියි. නමුත් මෙමගින් ආරෝපණය වීමට වැඩිපුර කාලය ගතවේ.
සෙමෙන් ආරෝපණය ලිතියම් බැටරි වලට වඩා ගුණදාකය යන මතයට නිසි සාක්ෂියක් හමුවුනේ නැත.

9. නිසි වෝල්ටීයතාව (උදා ~5V) සහිත චාජරයක 1A, 1.2A, 2A ලෙස සැපයිමට හැකි ධාරාව ලකුණු කර ඇත. සාමාන්‍යයෙන් ලිතියම් බැටරියකට 1A ප්‍රමාණවත් වේ. නමුත් සැපයිය හැකි ධාරාව 1A වලට වඩා කෙතරම් විශාල අගයක් වුවත් ඉන් බැටරියට හානියක් නැත. මොනයම්
හේතුවකින් හෝ 1A වලට වඩා අඩු උපරිම ධාරාවක් සැපයිය හැකි චාජරයක් භාවිතා කරයි නම් එහි වෝල්ටීයතාව පහත බසින අතර චාජරය රත් වීමටද බැටරිය නිසි ලෙස චාර්ජ් නොවීමද සිදු වේ.

10. ස්වභාවයෙන්ම ලිතියම් බැටරි ආරෝපණය වීමේදී උෂ්ණත්වයේ ලොකු වෙනසක් සිදු නොවේ. නමුත් එහි ඇති පරිපථ කොටස් හේතුවෙන් යම් උණුසුම් වීමක් බලාපොරොත්තු විය හැකියි.

11. සියලු සාධක නිසි අයුරින් නිසි ලෙස නිසි පමණට ලබා දෙනවාට ලිතියම් බැටරි ඉතා කැමැතියි. එහි ආරක්ෂක පරිපථයක් ඇත්තේද ඒ නිසාමය. එනයින් අධික ලෙස ආරෝපණය කිරීමෙන්, නැවත නැවත ළඟ ළඟ වෙලාවන්හි ආරෝපණය කිරීමෙන්, සෙමින් හෝ අධික වේගයෙන් ආරෝපණය කිරීමෙන් බැටරියට ඇතිවෙන සෙතක් නැත.

මින් සමහරක් අත්දැකීම් ඇසුරෙන්ද අනෙක් දේවල් http://batteryuniversity.com/learn/article/charging_lithium_ion_batteries ලිපියෙන්ද ලබාගන්නා ලදී. වැරදි ඇතොත් දන්වන්න.

Comments

Popular posts from this blog

Sri Lanka Maps in Garmin GPS

Recently I received a Garmin GPS (nuvi 50) from my brother who is studying in China. The GPS looks fine but there are no Sri Lanka base maps installed in it. Then I tried to find a Sri Lanka road map that supports to the device. As I went through the articles I got to know that the format of the maps used in Garmin devices is a proprietary one. The map blocks are archived in to a single file which has the extension ".img" but not similar to DVD or floppy image file.

I found there are three methods to get Sri Lanka map to Garmin devices.

Download from the Garmin map resourcesDownload Sri Lanka maps from UMP (Unofficial Map Project)Download and convert maps from OpenStreetMap  (PS: I found this link of OpenStreetMap which seems to support routable maps and very easy to download maps of any country including Sri Lanka. http://garmin.openstreetmap.nl/)
The first method is bit expensive and I don't think that it is worth to buy map from Garmin because they don't give enoug…

How to Send Executable (.exe, .ocx, .dll, .com, .bat) Files in Gmail Without Changing the File Extension?

Why Gmail doesn't like exe files? If you use gmail as your email service probably you should be getting frustrated with it when you want to send files with the extensions exe, ocx, dll, com or bat. These executable stands for some files which can be executed independently within a typical operating system and there is a huge probability to contain computer viruses or malware in these types of files. Since these kind of files can be executed independently any virus that the file carried will infect our computers very easily.

Although this is not a problem in other free email services like yahoo, as Google has grabbed a big part from the services which we use for our day to day cyber needs, we can't move in to another service just because of this problem.

What happen when we are trying to upload an executable file in Gmail? When we attach an executable file first it upload the whole file and check on several criteria such as file extension (whether it contains .exe, .dll etc) a…

What minHessian, Octaves and Layers mean in SURF (Speeded-up Robust Feature)? QA

My previous article in this blog is about a discussion on measuring image similarities with BOF in a large database. It is an extracted part from a forum of an article posted in CodeProject "Bag-of-Features Descriptor on SIFT Features with OpenCV (BoF-SIFT)". This article is also an extracted part from the commenting section of the same article in the code project. As I described in my previous article, many people who used visual features do not have a proper understanding over the feature extraction and description algorithms because of these algorithms contain a lot of mathematical procedures which are difficult to understand with an average mathematical knowledge. The question which is about to discuss in this article has proved the above said fact and also the fact may cause the users to limit the usage of such features in their studies and applications.
Lets begin the discussion.

Q. I just wanted to ask why the minHessian value is 400, the number of octaves is 4, and th…